| English | |
තඹ මස්ස (සහස්සමල්ල) කාසියකික්රි.ව. 11-13 / පොළොන්නරුව |
|
ලියාපදිංචි අංකය : |
11300 |
අනු අංකය : |
AKT311 |
අභිමුඛය |
තඹ මස්ස කාසියකි. සහස්සමල්ල රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව 1200-1202) මෙම කාසිය නිකුත් කර ඇත. කාසිය වටා ඒක කේන්ද්‍රීය වෘත්තාකාර තිත් රටාවක් වේ. එහි මධ්‍යයේ දෝතියක් වැනි ඇඳුමක් ඇද දකුණු පසට හැරී සිටින ශෛලීගත පුද්ගල රූවකි. නෙළුම් දඩුවක් මත හිටගෙන සිටී. හිසෙහි ශීර්ෂාභරණයක් වේ. වැලමිටෙන් ඉහළට ඔසවාගෙන සිටින දකුණු අතෙහි මලක් දරාගෙන සිටී. දකුණතෙහි වැලමිට පහළින් තිත් සලකුණු 5 ක් ඇත. වම් අතට පහළින් පහනක් හෝ ශ්‍රීවත්ස්‍ය සලකුණ වේ. |
ප්‍රතිමුඛය |
කාසිය වටා ඒක කේන්ද්‍රීය වෘත්තාකාර තිත් සහිත රේඛාවක් වෙයි. දෝතියක් වැනි ඇඳුමක් සහිතව උක්කුටික ඉරියව්වෙන් හිදගෙන සිටින ශෛලීගත පුද්ගල රුවකි. මෙහි ද වම් අත වැලමිටෙන් ඉහළට ඔසවාගෙන සිටින අතර එහි සංඛයකට සමාන යමක් දරා සිටී. මෙම අතට පහළින් පේළි හතරකින් ශ්‍රීමත් සාහසමල්ල යනුවෙන් අර්ධ නාගරී අක්ෂරයෙන් සටහන් කර තිබේ. |
හමු වූ ස්ථානය |
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරහේන ග්‍රාමනිලධාරී වසමේ අත්තිවාරම් කැණීමකදී 2024 ජනවාරි 5 වැනි දින මෙම කාසි එකතුව සොයා ගන්නා ලදී. |
බර |
4.3 g |
දිග/විෂ්කම්භය : |
20.2 mm |
ගණකම |
2.65 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |
