English | |
තඹ මස්ස (සහස්සමල්ල) කාසියකික්රි.ව. 11-13 / පොළොන්නරුව |
|
ලියාපදිංචි අංකය : |
11127 |
අනු අංකය : |
AKT138 |
අභිමුඛය |
තඹ මස්ස (සහස්සමල්ල රජුගේ) කාසියකි. කාසිය වටා ඒක කේන්ද්‍රීය වෘත්තාකාර තිත් රටාවක් වේ. එහි මධ්‍යයේ දෝතියක් වැනි ඇඳුමක් ඇද වම් පසට හැරී සිටින ශෛලීගත පුද්ගල රූවකි. නෙළුම් දඩුවක් මත හිටගෙන සිටී. හිසෙහි ශීර්ෂාභරණයක් වේ. වැලමිටෙන් ඉහළට ඔසවාගෙන සිටින වම් අතෙහි මලක් දරාගෙන සිටී. එහි වැලමිට පහළින් තිත් සලකුණු 5 ක් ඇත. දකුණු අතට පහළින් පහනක් හෝ ශ්‍රීවත්ස්‍ය සලකුණ වේ. |
ප්‍රතිමුඛය |
කාසිය වටා ඒක කේන්ද්‍රීය වෘත්තාකාර තිත් සහිත රේඛාවක් වෙයි. දෝතියක් වැනි ඇඳුමක් සහිතව උක්කුටික ඉරියව්වෙන් හිදගෙන සිටින ශෛලීගත පුද්ගල රුවකි. මෙහි ද වම් අත වැලමිටෙන් ඉහළට ඔසවාගෙන සිටින අතර එහි සංඛයකට සමාන යමක් දරා සිටී. මෙම අතට පහළින් පේළි හතරකින් ශ්‍රීමත් සාහසමල්ල යනුවෙන් අර්ධ නාගරී අක්ෂරයෙන් සටහන් කර තිබේ. |
හමු වූ ස්ථානය |
|
බර |
4.31 g |
දිග/විෂ්කම්භය : |
20.4 mm |
ගණකම |
2.66 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |