English

තඹ මස්ස (සහස්සමල්ල) කාසියකි

ක්‍රි.ව. 11-13 / පොළොන්නරුව

ලියාපදිංචි අංකය :

11072

අනු අංකය :

AKT083

අභිමුඛය

තඹ මස්ස (සහස්සමල්ල රජුගේ) කාසියකි. වම් පසට හිස හරවාගත් සිටගත් පුද්ගල රුවකි. හිසෙහි පිටුපස කොටස් දෙකකින් යුත් ශීර්ෂාවරණයකි. වම් අත්ල මත බාගෙට විවිර වූ පද්මයක් වේ. වම් අතට පහළින් තිත් පහක සළකුණු වේ. ඊට පහළින් තිත් සළකුණු දෙසට භාගෙට විවර වූ පද්මයකි. දකුණු අතින් පහනක් එල්ලාගෙන සිටී. කාසිය වටා තිත් සහිත බෝඩරයකි.

ප්‍රතිමුඛය

වම් පසට හිස හරවාගත් පුද්ගල රුවකි. හිසෙහි පිටුපස කොටස් දෙකකින් යුත් ශීර්ෂාවරණයකි. හිදගෙන සිටින එම රුවහි වම් අත්ල මත සංඛයක් වේ. එය මුහුණ ඉදිරි පසින් දිස්වේ. එම අතට පහළින් අර්ධ නාගරී අක්ෂරයෙන් “ශ්‍රීමත් සාහසමල්ල ” ලෙස සටහන් කර තිබේ. දකුණු අත නවන ලද දකුණු පාදයේ දණහිස මත තබා ගෙන සිටී. එම අතෙහි ඇඟිලි පහ දක්වා තිබේ. කාසිය වටා තිත් සහිත බෝඩරයකි.

හමු වූ ස්ථානය

බර

4.34 g

දිග/විෂ්කම්භය :

20.8 mm

ගණකම

2.9 mm

නිෂ්පාදිත ද්‍රවය

තඹ බහුල මිශ්‍ර ලෝහ