English | |
තඹ මස්ස (ලීලාවතී) කාසියකික්රි.ව. 11-13 / පොළොන්නරුව |
|
ලියාපදිංචි අංකය : |
11046 |
අනු අංකය : |
AKT057 |
අභිමුඛය |
තඹ මස්ස (ලීලාවතී රැජිනගේ) කාසියකි. වම් පසට හිස හරවාගත් සිටගත් පුද්ගල රුවකි. හිසෙහි පිටුපස කොටස් දෙකකින් යුත් ශීර්ෂාවරණයකි. වම් අත්ල මත බාගෙට විවිර වූ පද්මයක් වේ. වම් අතට පහළින් තිත් පහක සළකුණු වේ. ඊට පහළින් තිත් සළකුණු දෙසට භාගෙට විවර වූ පද්මයකි. දකුණු අතින් පහනක් එල්ලාගෙන සිටී. කාසිය වටා තිත් සහිත බෝඩරයකි. |
ප්‍රතිමුඛය |
වම් පසට හිස හරවාගත් පුද්ගල රුවකි. හිසෙහි පිටුපස කොටස් දෙකකින් යුත් ශීර්ෂාවරණයකි. හිදගෙන සිටින එම රුවහි වම් අත්ල මත සංඛයක් වේ. එය මුහුණ ඉදිරි පසින් දිස්වේ. එම අතට පහළින් අර්ධ නාගරී අක්ෂරයෙන් “ශ්‍රී රාජලීලාවතී” ලෙස සටහන් කර තිබේ. දකුණු අත නවන ලද දකුණු පාදයේ දණහිස මත තබා ගෙන සිටී. එම අතෙහි ඇඟිලි පහ දක්වා තිබේ. කාසිය වටා තිත් සහිත බෝඩරයකි. |
හමු වූ ස්ථානය |
|
බර |
4.28 g |
දිග/විෂ්කම්භය : |
20.5 mm |
ගණකම |
2.44 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |