English

අක කහවණුව කාසියකි (1/8)

ක්‍රිස්තු වර්ෂ 6-9 / අනුරාධපුර

ලියාපදිංචි අංකය :

10677

අනු අංකය :

UOK0054

අභිමුඛය

රන් කහවණුව (⅛ ) අක කාසියකි. මුහුණ දකුණු පසට හරවාගෙන සිටින ශෛලීගත මානව රූපය දෝතිය ඇඳ සිටියි. වැලමිට ළගින් නවා මුහුණ දෙසට ඔසවාගෙන සිටින දකුණත මත සංඛ සලකුණකි. හිස පිටුපසට ශීර්ෂාභරණයකි. දකුණතට පහළින් පහනකට සමාන සලකුණකි. සංකේත සියල්ල තිත් සහිත වෘත්තාකාර රේඛාවකින් වට වී ඇත.

ප්‍රතිමුඛය

අක්ෂර සියල්ල තිත් රේඛාවකින් වටවී ඇත. නිෂ්පාදන දෝෂ හේතුවෙන් තිත් රේඛාව ඇතැම් තැනක සටහන්ව නැත. මේ තිත් රටාව මධ්‍යධ්‍යයෙහි අර්ධ නාගරී අක්ෂරයෙන් (දරක) යනුවෙන් පාඨයක් සටහන් කර ඇත. එහි ර අක්ෂරයට ඉහළින් තිත් සලකුණක් වේ.

හමු වූ ස්ථානය

යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූ බවට අනුමාන කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛනවල සඳහන් ව ඇත.

බර

0.54 g

දිග/විෂ්කම්භය :

12 cm

ගණකම

1 mm

නිෂ්පාදිත ද්‍රවය

රන්