English | |
චීන කාසියකික්රිස්තු වර්ෂ 18-19 / හඳුනාගත නොහැකි ය |
|
ලියාපදිංචි අංකය : |
10641 |
අනු අංකය : |
UOK0018 |
අභිමුඛය |
චීන කාසියකි. ක්විං රාජවංශයට (Qing dynasty) (1644-1911) අයත් කාසියකි. රෙන් සොං RenZong ( 1760-1820) අධිරාජ්‍යා විසින් මෙම කාසිය නිකුත් කර තිබේ. මෙය දුර්ලභ කාසියක් ලෙස සැලකේ. කාසිය වටා ඝන ඒ්ක රේඛීය වෘත්තයක් වේ. කාසිය මධ්‍යයෙහි චතුරස්රාකාර සිදුරකි. සිදුර වටා ද ඝන රේඛාවක් වේ. සිදුරට ඉහළින්, පහළින්, දකුණින් සහ වමෙන් චීන අක්ෂර 4ක් වේ. එම අක්ෂරවලින් (嘉庆通宝) jia qing tong bao යනුවෙන් කියැවේ. |
ප්රතිමුඛය |
කාසිය වටා ඝන ඒක රේඛීය වෘත්තයක් වේ. කාසිය මධ්‍යයෙහි චතුරස්රාකාර සිදුරකි. සිදුර වටා ද ඝන රේඛාවක් වේ. හතරැස් කුහරයේ දෙපස මැංචු (Mongolian / Manchu) අක්ෂර සටහන් දෙකක් වෙයි. දකුණු පස ඇති අක්ෂරයෙන් සටහන් කර ඇත්තේ කාසියේ Mint mark එක ය. |
හමු වූ ස්ථානය |
යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූ බවට අනුමාන කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛනවල සඳහන් ව ඇත. |
බර |
8.67 g |
දිග/විෂ්කම්භය : |
29 cm |
ගණකම |
2 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |