English

චීන කාසියකි

ක්‍රිස්තු වර්ෂ 18-19 / හඳුනාගත නොහැකි ය

ලියාපදිංචි අංකය :

10641

අනු අංකය :

UOK0018

අභිමුඛය

චීන කාසියකි. ක්විං රාජවංශයට (Qing dynasty) (1644-1911) අයත් කාසියකි. රෙන් සොං RenZong ( 1760-1820) අධිරාජ්‍යා විසින් මෙම කාසිය නිකුත් කර තිබේ. මෙය දුර්ලභ කාසියක් ලෙස සැලකේ. කාසිය වටා ඝන ඒ්ක රේඛීය වෘත්තයක් වේ. කාසිය මධ්‍යයෙහි චතුරස්‍රාකාර සිදුරකි. සිදුර වටා ද ඝන රේඛාවක් වේ. සිදුරට ඉහළින්, පහළින්, දකුණින් සහ වමෙන් චීන අක්ෂර 4ක් වේ. එම අක්ෂරවලින් (嘉庆通宝) jia qing tong bao යනුවෙන් කියැවේ.

ප්‍රතිමුඛය

කාසිය වටා ඝන ඒක රේඛීය වෘත්තයක් වේ. කාසිය මධ්‍යයෙහි චතුරස්‍රාකාර සිදුරකි. සිදුර වටා ද ඝන රේඛාවක් වේ. හතරැස් කුහරයේ දෙපස මැංචු (Mongolian / Manchu) අක්ෂර සටහන් දෙකක් වෙයි. දකුණු පස ඇති අක්ෂරයෙන් සටහන් කර ඇත්තේ කාසියේ Mint mark එක ය.

හමු වූ ස්ථානය

යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූ බවට අනුමාන කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛනවල සඳහන් ව ඇත.

බර

8.67 g

දිග/විෂ්කම්භය :

29 cm

ගණකම

2 mm

නිෂ්පාදිත ද්‍රවය

තඹ බහුල මිශ්‍ර ලෝහ